දෙවෙනි කොරෝනා රැල්ල පාලනය කරන්න පුළුවන් එජාපයට විතරයි! වත්මන් ආණ්ඩුවට ඒක කරන්න බෑ! – රනිල්

June 29, 2020 at 7:38 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලැබුණහොත් දෙවෙනි කොරෝනා රැල්ල පාලනය කරන බව හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

වර්තමාන ආණ්ඩුව කොරෝනා පළමු රැල්ල හොඳින් පාලනය කළ බවත් ඒ සඳහා තමන් ද සහාය දුන් බවත් ඔහු සඳහන් කරයි. එහෙත් දෙවෙනි රැල්ල පාලනය කිරීමට ආණ්ඩුව මෙතෙක්  වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බවත් ඒ සඳහා තමා සතුව වැඩපිළිවෙළක් ඇති බවත් එජාප නායකයා අනාවරණය කළේය.

එජාපය මැතිවරණයට ඉදිරිපත් වන්නේ ආණ්ඩු බලය ලබා ගරනීමට මිස පක්ෂ මූලස්ථානයට ගල් ගැසීමට නොවන බව ද එජාප නායකයා සඳහන් කළේය.

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් පවත්වනු ලබන ඩිජිටල් රැස්වීම් මාලාවේ පළමු හමුවට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එකතු වෙමින් ඔහු මේ බව (29) ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස