උතුරු නැඟෙනහිර බහුතරය අපි! රජයේ ව්‍යාපෘතිවලට සිංහල වෙනුවට දෙමළ යොදාගනු! – ඩග්ලස්

December 25, 2020 at 2:11 pm | by emanisa.lk

වැඩි වශයෙන් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල රජයේ ව්‍යාපෘති කටයුතු දමිළ භාෂාවෙන් ක්‍රියාත්මක විය යුතු යැයි ඇමැති ඩග්ලස් දේවානන්ද පවසයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සිංහල නම්වලින් ක්‍රියාවට නංවන බවත් පෙන්වා දුන් ඇමතිවරයා දෙමළ ජනතාව වැඩිපුර වෙසෙන උතුර හා නැගෙනහිර පළාත්වල එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී දෙමළ භාෂාව යොදා ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.

මේ ගැන මධ්‍යම රජයේ අවධානය තමන් යොමු කරන බවද එහිදී ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස