උකස් ලීසිං මූල්‍ය සමාගම්වලින් කෝටි ගණනින් වැටුප් ලබන මහ බැංකු ලොක්කො 50ක්! රජයේ ජනතා සහන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න හේතුව මෙන්න!

June 21, 2020 at 11:15 am | by emanisa.lk

විවිධ සමාගම් හා ව්‍යාපාරිකයින්ගේ වුවමනාව මත රජය ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන මහ බැංකුවේ උසස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් සිටින බව එහි උසස් නිලධාරියකු පැවැසීය.

මෙම නිලධාරීන්ට එකී සමාගම්වලින් මුදල් හා වින්දිතයින්ගෙන් මුදල් තෑගි බෝග හා විදේශ සංචාර ලැබෙන නිසා රජයේ උපදෙස් ක්‍රියාත්මක නොකර එම ආයතනවලට වාසි සහගත මූල්‍ය කටයුතු හා නීති ක්‍රියාත්මක කරන බවද සඳහන් වේ.

ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයට ද මෙය හේතුවක් වී ඇත.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මහබැංකු නිලධාරීන්ට අවවාදාත්මකව ප්‍රකාශ කළේ ජනතා හිතවාදීව මහ බැංකුවේ කටයුතු සිදු කරන ලෙසටය.

එහි දී මූල්‍ය පහසුකම් සපයන ආයතන නියාමනය කිරීමේ දී මෙම තත්ත්වයන් උද්ගත වී ඇත. ෆිනෑන්ස් සමාගම්, ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ස්ථාන, උකස් මධ්‍යස්ථාන කළමනාකරණයේ දී නීති රීති උල්ලංඝනය කරන ආයතන හා ව්‍යාපාරිකයින්ට එරෙහිව මහ බැංකුව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී සිදු වන මන්දගාමී ස්වරූපය මගින් එය ප්‍රත්‍යක්ෂ වන බව එම නිලධාරියා තවදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස