ජනපති ප්‍රමුඛ ආණ්ඩුවෙන් සුවිශේෂ තීන්දුවක්! මිලියන 300 දක්වා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය කපා හැරේ!

December 20, 2019 at 9:34 pm | by emanisa.lk

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් බැංකු ණය අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සියලු බැංකු සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඒ අනුව රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කර ගැනීම අත්හිටුවනු ඇත.

මෑතදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිසංස්කරණ සියලුම බැංකුවලට සැලකිය යුතු මුදලක් ඉතිරි වන අතර එම මුදල් සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් යළි නගා සිටුවීමට අදාළ බැංකු භාවිත කළ යුතු බව ආණ්ඩුවේ අපේක්ෂාවයි.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් සඳහා ද විසඳුම් ලබා දී ඇති අතර වෙළඳපොලේ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර නැවත පණගැන්වීමට රජය අපේක්ෂා කර සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස