ජනපති ගෝඨා බෙදුම්වාදයට වැට බඳී! පළාත් සභාවලට විදෙස් රටවල් හෝ සංවිධාන සමග ගිවිසුම් බෑ!

December 22, 2019 at 11:45 pm | by emanisa.lk

විදේශ ආයෝජකයින්, ණය දෙන ආයතන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමඟ සෘජු ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට රජයේ අමාත්‍යවරුන්ට සහ පළාත් සභා ඇතුළු රාජ්‍ය ආයතනවලට තහනම් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පනවා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ මහ බැංකුවේ අවසරය සහිතව එවැනි ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීමේදී “නියමිත ක්‍රියාදාමය” අනුගමනය කරන ලෙසයි සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ඇත.

මෙවැනි ගිවිසුම් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග දැනුම්වත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර විසින් පසුගිය බ්‍රහස්පතින්දා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානින් දැනුවත් කරමින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස