ඊයේ කොරෝනා මරණ 04යි! ඉතිරි 05ම කලින් ඒවා! – හමුදාපති

November 22, 2020 at 12:26 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරණ නමයෙන් පහක්ම ඊයේ සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක් පමණක් බවත් අනෙක් 05 ඊට පෙර දින දෙකක දී වාර්තා වූ ඒවා බවත් ඔහු පවසයි.

රූපවාහිනී නාලිකාවක උදෑසන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ඒ සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් ලෙස වාර්තා කර ඇතැයි ද හමුදාපතිවරයා එහිදී පැවසී ය.

මරණ පරීක්ෂණ වාර්තා නිකුත් වීමේ ප්‍රමාදය මත මේ සියල්ල ම ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළ බවද ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස