ඉන්ධන මිල වැඩි කිරීම සමස්ත ආණ්ඩුවේ තීන්දුවක්….! එය දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩක්…! – ජනපති…

June 13, 2021 at 8:21 pm | by emanisa.lk

ඉන්ධන මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන පියවරක් පමණක් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමගින් රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර පොලී අනුපාත අඩු මට්ටමක පවත්වා ගැනීමටත්, විදේශ විනිමය ආරක්ෂා කරගෙන රුපියල ශක්තිමත් කිරීමටත්, ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමටත්, ආනයන මත රඳා පවතින පරිභෝජනවාදී ආර්ථිකය දේශීය නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කිරීමටත් අපේක්ෂා කරන බවත් එහි දැක්වෙයි.

2019 වසරේ තෙල් ආනයන වියදම ඇ.ඩො. මිලියන 3677ක් සහ 2020 වසරේ ඇ.ඩො. මිලියන 2325ක් වුව ද තෙල් මිල ඉහළ යාම සමඟ එය 2021 වසරේ දී ඇ.ඩො. මිලියන 4000 ඉක්මවනු ඇති බවත් එය සමස්ත අපනයන ආදායමින් 1/3කට අධික බවත් එමගින් පෙන්වා දෙයි.

ඉන්ධන මිල ඉහළ දැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලද කරුණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස