අපේ මිල සූත්‍රය අනුව වැඩ කළා නම් ඉන්ධන මිල වැඩි වෙන්නේ නෑ….! – එජාපය…

June 12, 2021 at 8:13 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.

රජයේ මෑත කාලීන ඉන්ධන මිල ඉහළ යාම ඔවුන්ගේ අඛණ්ඩ අසමත් ආර්ථික කළමනාකරණය සහ කෙටිකාලීන ප්‍රතිපත්තිවල තවත් ඇඟවීමකි.

පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාලන කළ 2015-2019 කාලය තුළ ජීවන වියදම නියත මට්ටමක පවත්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඇඟවීමකි.

* 2015 ජනවාරි 1:
# පෙට්‍රල් 95 ඔක්ටේන්-
රු. 158 කි
# පෙට්‍රල් 92 ඔක්ටේන්-
රු. 150 යි
* 2019 නොවැම්බර් 1:
#පෙට්‍රල් 95 ඔක්ටේන්-
රු. 161
# පෙට්‍රල් 92 ඔක්ටේන්-
රු. 137
* 2021 ජුනි 11:
#පෙට්‍රල් 95 ඔක්ටේන්-
රු. 184
#පෙට්‍රල් 92 ඔක්ටේන්-
රු. 151 යි

එක්සත් ජාතික පක්ෂ රජය විසින් හඳුන්වා දී ඇති ධනාත්මක ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මෙම රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මහජනයා විසින් වර්ධනය වන මූල්‍යමය බරක් දරා ඇත. 2020 මැයි මාසයේ දී ගෝලීය තෙල් මිල බැරලයක මිල ඇමරිකානු ඩොලර් 30.38 ක් තරම් අඩු විය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රජය විසින් 2018 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුන් මෙයින් අදහස් කළේ ගෝලීය මිල පිළිබිඹු වන පරිදි දේශීය ඉන්ධන මිල අඩු නොවූ බවයි. නමුත් ගෝලීය මිල පහත වැටීම නිසා සිදුවිය හැකි ඉතිරිකිරීම් පාරිභෝගිකයින්ට ලබා නොදුනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව එකතැන පල්වීමත්, දීර්ඝ කාලයක් තිස්සේ රට වසා දැමිම හේතුවෙන් පුරවැසියන්ගේ ඉපැයීම් විශාල ලෙස අඩුවීමත් නිසා, අද දවසේ ඉන්ධන වැඩිවීම මහ ජනතාව මත මූල්‍යමය බර වැඩි කිරීමක් පමණි. මෙය මෙම රජයේ මූල්‍ය අකර්මණ්‍යයේ ප්‍රධාන දර්ශකයකි.

මධ්‍යම මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂය
2021 ජුනි 11

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස