ඉක්මින්න කොරෝනා පාලනයට වඩා මුල් තැන දෙන්න ඕන ආයතන රෙගුලාසි රකින්න! – රවී කුමුදේශ්

November 6, 2020 at 8:35 am | by emanisa.lk

කොරෝනා පරීක්ෂණ සඳහා ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීම ව්‍යාපාරික අරමුණකින් කළේ දැයි හෙළිදරව් කළයුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

“සෞඛ්‍ය අමාත්‍යාංශය එකවර මේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය ගැන කතා කරන්න ගත්තා පහුගිය සුමානෙ ඉඳලා. දවස් 7ක් යන්න ඉස්සෙල්ලා ආයතන දෙකකින් මේ නිෂ්පාදන තොගයක් ලංකාවට ඇවිල්ලා.

එකවර කොහොම ද තොගයක් එක සමාගමක් යටතේ ලංකාවට එන්නේ කියන ප්‍රශ්නය අපට තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ තීරණ ගන්නේ ව්‍යාපාරික වුවමනාවකට අනුව ද, එහෙම නැත්නම් මේ රෝගය මර්දනය කිරීමේ සැබෑ තාක්ෂණික වුවමනාව මත ද කියන කාරණාව තමයි අපි මෙහි දී මතු කරන්නෙ.

මේ සමාගම්වල නිෂ්පාදන සම්බන්ධයෙන් සලකා බැලුවෙ කවු ද? මේ නිෂ්පාදන නිවැරදිද, නැද්ද, තත්වයෙන් උසස්ද කියන තහවුරුව ලබාදුන්නෙ කොහෙන්ද? ඒ සඳහා ඖෂධ තත්ව පාලන අධිකාරිය සාම්පල ගෙන්වීමට අවසර දුන්නේ කවදා ද? ඒ ගෙන්වන ලද සාම්පල තහවුරු කරන ලද්දේ මොන රසායනාගාරයේ මොන නිලධාරින් යටතේ ද?

ඔහු මේ බව පැවසුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස