ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණ ඡන්ද 57.5%ක් ද එජාපය 24.5%ක් ශ්‍රීලනිපය 12%ක් ද ලබා ගෙන තිබේ.
මේ වන විට පොහොට්ටුව සහ ශ්‍රීලනිපය සන්ධානගත වී ඇති හෙයින් ඔවුන් ලබා ගෙන ඇති සමස්ත ප්‍රතිඵලය 69.5%ක් වන අතර එජාපයට ආසන්නයට පවා ළඟා විය නොහැකි වී තිබේ.
මෙහිදී පොහොට්ටුව ආසන 13ක් ද එජාපය ආසන 07ක් ද ලබා ගෙන ඇති අතර ශ්‍රීලනිපය ආසන 03ක් සහ ජවිපෙ ආසන 02ක් ජයග්‍රහණය කර ඇත. මේ අනුව එජාප විරෝධී පොහොට්ටු සන්ධානය ආසන 16ක් ලබා ගෙන තිබේ.