ඇමැති ප්‍රසන්නත් ලෝක වෙළෙඳ මාධ්‍යස්ථානයට සමුදෙයි! අමාත්‍ය කාර්යාලය අමාත්‍යංශයට ම රැගෙන යයි!

December 21, 2020 at 4:37 pm | by emanisa.lk

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලය ඉන් ඉවත් කරගැනීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග තීරණය කරයි.

සංචාරක අමාත්‍ය කාර්යාලය මෙතෙක් පිහිටියේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 25 වන මහලේ වන අතර ඊට විශාල මුදලක් වැයවීම හා ජනතාවගේ පහසුව සලකා මෙම තීරණයට එළැඹි බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙතෙක් රක්ෂණ මන්දිරයේ පිහිටි සංචාරක අමාත්‍යංශය ලබන වසරේ මුල් කාර්තුවේ සිට අලුතින් පිහිට වූ කොළඹ 01, යෝර්ක් වීදිය 51-ඊ පිහිටි ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ලටම රැගෙන යන අතර ඒ අනුව සිය අමාත්‍ය කාර්යාලය ද එම ගොඩනැගිල්ලට ගෙන යාමට තිරණය කළ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

කොවිඩ් 19 වසංගත තත්වයත් සමඟ බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්වයට පත් කිරීමේදී සංචාරක අමාත්‍යංශයට සුවිශාල වගකීමක් ඇති බවත්, 2025 වන විට ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධානතම කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස