මාසික කුළිය ලක්ෂ 169කට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට! ලක්ෂ 4100ක් අනුමතයි!

December 7, 2020 at 4:30 pm | by emanisa.lk

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 20,21,22 මහල් හා බටහිර කුලුනේ 22 වන මහලේ වර්ග අඩි 35,000ක් 2021 සහ 2022 වසර සඳහා කුළියට ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා රුපියල් කෝටි 41ක් ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත. මේ සඳහා මාසික කුලිය ලක්ෂ 169ක් වන අතර අදාළ කැබිනට් පත්‍රිකාවට කිසිම විරෝධයක් මතු වී නොමැත.

මෙහි අරමුණ අධිකරණ අමාත්‍යංංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත ගෙන යාම බව ද වාර්තා වෙයි. ඒ අනුව වසර දෙකක් සඳහා රුපියල් මිලියන 470ක දැවැන්ත කුළියක් ගෙවමින් අධිකරණ අමාත්‍යාංශය ලබන වසරේ ජනවාරි මස සිට ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුලුනේ පිහිටුවීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

මෙය සිදුවන්නේ ප්‍රසන්න රණවීර, නාමල් රාජපක්ෂ වැනි අමාත්‍යවරුන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් සිය අමාත්‍යංශ ඉවත් කරගන්නා අතර ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *