කොටුවේ අමාත්‍යංශ කුළිය ලක්ෂ 80ක් ගෙවීම අපරාධයක්! කාර්යාලය අපේ ගමට ගෙනියනවා! කුළියෙන් ස්වයං රැකියා අරඹනවා! – මැටි ඇමති වැඩ අරඹයි….

August 18, 2020 at 9:42 am | by emanisa.lk

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කර ඇති කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාල දෙකට කුලිය වශයෙන් මසකට රුපියල් ලක්ෂ 80 ක් ගෙවන හෙයින් එම ස්ථානයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට යෑමට තමන් සූදානම් බව රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර පවසයි.

එලෙස එම කාර්යාලවලට කුලිය වශයෙන් ගෙවන මුදලෙන් තමන්ට මසකට ස්වයං රැකියා අසූවක් ආරම්භ කිරීමට මුදල් ලබාදිය හැකි බවත් ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සාක්ෂාත් කරගැනීමට සියලුම දෙනා සහය ලබා දිය යුතු බවත් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ඊයේ (17) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

අමාත්‍යාංශයේ නිලධාරීන් හා සේවකයන්ගේ වැටුප් හා අනෙක් වියදම් භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා මුදලින් ගෙවන බවට තමන්ට දැනගන්නට ලැබුණ බව පවසන ප්‍රසන්න රණවීර එලෙස මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නට නම් ඇමැතිවරයකුගේ අවශ්‍යතාවක් නොමැති බවත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස