ඇමැතිකම් ලොකු නෑ කියා සුසිල් ගෙදර යයි…! රාජ්‍ය ඇමැති පුටුව එස්.බීට හිමි වෙයි..!

January 4, 2022 at 1:41 pm | by emanisa.lk

පසුගියදා දෙල්කඳ පොළෙන් ගත් ලොතරැයිය තමන්ට ඇදුණු බව රාජ්‍ය ඇමැති ධූරයෙන් පහ කළ සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

“රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා මට ආරංචි වුණා. මට ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් එච්චර ලොකු දේවල් නොවෙයි.

මම ඇමතිවරයෙක් වුණේ 2000 අවුරුද්දේදී ජනාධිපතිවරු තුන්දෙනෙකු යටතේ මම වැඩකරලා තියෙනවා.මට වෘත්තියක් තියෙනවා. ඒක තමයි නීතිඥ වෘත්තිය. මම හෙට ඉඳලා එම වෘත්තියේ කටයුතුවල යෙදෙනවා.”

ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවලට අදහස් දක්වමිනි.

සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීම සමග හිස් වන රාජ්‍ය අමාත්‍ය ධූරය හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකට ලබා දීමට තීන්දු කර ඇතැයි දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස