ජනාධිපතිවරයා සුසිල් ප්‍රේමජයන්ත ඇමැති ධූරයෙන් නෙරපයි…!

January 4, 2022 at 10:24 am | by emanisa.lk

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හෙතෙම කටයුතු කරමින් සිටියේ ය.

කෙසේ වුව ද මෑත කාලයේ ඔහු දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කළ අතර පළපුරුදු දේශපාලකයින් නොතකා කටයුතු කිරීම මෙම අර්බුදයට හේතුව බව ද සඳහන් කළේ ය.

මෑතක දෙල්කඳපොළ භූමියට එළවළු රැගෙන ඒමට ගිය රාජ්‍ය ඇමැතිවරයා ආණ්ඩුව කරන්න බැරි දේවල් කිරීමට ගොස් රට අමාරුවේ දැමූ බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් සටහනක් තබමින් පවසන්නේ ජනාධිපතිවරයා සිය බලතල අනුව සුසිල් ප්‍රේමජයන්ත ඇමැති ධූරයෙන් පහ කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *