ඇඳිරි නීතිය හෙට ඉවතට! ප්‍රදේශ කිහිපයක් දිගට ම ලොක්ඩවුන්! ලැයිස්තුව මෙන්න…

November 8, 2020 at 9:19 am | by emanisa.lk

බස්නාහිර පළාත සහ සෙසු ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට (09) උදෑසන 5.00ට ඉවත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේ වුව ද කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් තව දුරටත් ලොක්ඩවුන් කර තිබේ. ඒ පසුගිය සමයේ කොරෝනා ආසාදිතයන් බහුල ලෙස හමු වූ ප්‍රදේශය.

ඒ අනුව තව දුරටත් ලොක්ඩවුන් කරන ප්‍රදේශ මෙසේ ය.

කොළඹ දිස්ත‍්‍රික්කය: මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ පොලිසිය, ආදුරුප්පුවිදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල, කෙසේල්වත්ත පොලිස් බලප්‍රදේශ
මෙත්සද සෙවණ. මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මුවදොර උයන, සිරිසර උයන, NHF යන මහල් නිවාස සංකීර්ණ

ගම්පහ දිස්ත්‍රික්කය: වත්තල, පෑළියගොඩ, සපුගස්කන්ද, කඩවත, රාගම, මිගමුව, පමුණුගම, ජා-ඇල පොලිස් බලප්‍රදේශ

කළුතර: හොරණ, ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසය

කුරුණෑගල: කුරුණෑගල මහ නගර සභා පොලිස්බල ප්‍රදේශය, කුලියාපිටිය පොලිස් වසම

කෑගල්ල: මාවනැල්ල, රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස