කොරෝනා නිසා රට ම වහන අදහසක් නෑ! රෝගීන් බහුල පෙදෙස් ලොක්ඩවුන් කරනවා! – ජනපති

October 27, 2020 at 10:01 pm | by emanisa.lk

‘කොවිඩ්-19’ වෛරස වසංගත තත්ත්වය පදනම් කර ගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශවල සංචරණ සීමා ආදිය පැනවීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

රට වසා තැබීමේ අවශ්‍යතාවක් මතුව නැති බව ද ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ද තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රකාශ කර තිබේ

‘කොවිඩ්-19’ වෛරස වසංගත තත්ත්වය පදනම් කර ගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශවල සංචරණ සීමා ආදිය පැනවීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

රට වසා තැබීමේ අවශ්‍යතාවක් මතුව නැති බව ද ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ද තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස