දේවානි වැනි නිලධාරීන් දහස් ගණනින් රටට ඕන! ඇයට එරෙහිව කිසිම පරීක්ෂණයක් නැහැ!:- ඇමති ජයන්ත සමරවීර

February 16, 2020 at 9:58 pm | by emanisa.lk

‍දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරීන් දහස් ගණනින් බිහි වියි යුතු යුගයක ඇය ගැන ඇත්තේ ආඩම්බරයක් බවත් කවුරු කුමක් කීවත් ඇයට එරෙහිව කිසිදු පරික්ෂණයක් නොපැවැත්වෙන බවත් පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අද (16) පැවසීය.

රාජ්‍ය නිලධාරිනිය නීති ප්‍රකාරව කටයුතු කිරීමට යාමේදී සහ මහජන නියෝජිත සනත් නිශාන්ත මහජන යෝජනාව සලකා බැලීමට යාමේදී ඇති වූ මෙම ගැටළුව අවසානයේදී තුලනය විය යුත බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය මේ තුලනය කිරීමට සමත් රජයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. ‍

“දේවිනි ජයතිලක විශිෂ්ට රාජ්‍ය නිලධාරිනියක්. අද රාජ්‍ය සේවකයන්ට නව පණක් ලැබිලා තියෙනවා. නිත්‍යානුකූලව විනයානුකුලව කටයුතු කරන්න. දේවානි නිලධාරිනියගේ මැදිහත්වීමෙන් අපිට පෙනෙන්නේ එයයි. ඇය තමන්ට පැවරී තිබුණ නීතිමය බලතල අනුව, පරිසර පද්ධතිය රැකීම පිළිබද වගකීම එතුමිය ඉටු කළා. ඒ ඉටු කිරීම තමයි අපිට පේන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස