රට කිරිපිටිවල වස නෑ කියූ ඇමති රාජිත රට පළතුරුවල ද වස නැතැයි බොරු කියනවා! – GMOA

April 19, 2019 at 10:44 am | by admin

ආනයනික පලතුරු වර්ග කිහිපයක වසවිස තිබෙන බවට රස පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබියදී එවැනි දෙයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කිරීම ජනතාව අතරමං කිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ආනයනික පලතුරු වර්ග කිහිපයක වසවිස ඇත්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් සිදුකර ඇත්නම් නම් එය වහාම රටට හෙළි කළ යුතුය.

එහෙත් එවැනි පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පහසුකම් නොමැති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

ආනයනික කිරිපිටවල වසවිස තිබෙන බවට හෙළි වී තිබියදීත් එවැනි දෙයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කිහිප දෙනෙකු ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව අතරමං කර දැමූ බවද ඔහු කියා සිටියේය.

අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ආනයනික ඇපල්, දොඩම් සහ මිදිවල පළිබෝධනාශක සංඝටක ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබෙන්නේ පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවට බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස