ආණ්ඩුව 20ට සහාය ඉල්ලුවා! මම බෑ ම කිව්වා! – හකීම්

October 18, 2020 at 8:53 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් තමන්ට ආරාධනා ලැබුණු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.

එහෙත් තමාට ප්‍රතිපත්තිමය කාරණා මත 20 වන සංශෝධනයට සහය දිය නොහැකි බව ආණ්ඩුවේ නියෝජිතයින්ට දැනුම් දුන් බවද හකීම් අවධාරණය කරයි.

කෙසේ වුව ද තම පක්ෂය නියෝජනය කරන ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනා පිළිබඳව තමන්ට වගකීමක් ගැනීමට නොහැකි බව ද හකීම් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස