හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේ කටයුතු කල් දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, සනත් ජයසූරිය, ලසිත් මාලිංග සහ රොෂාන් මහානාම හමු වී කළ සාකච්ඡාවකින් පසුය.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය වියදම් නොදරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වියදම දරයි.
කෙසේ වුවද මෙවැනි සමයක ඒ සඳහා අවසර දීම ඇතැම් පාර්ශ්වවල විවේචනයට හේතු විය.