ආණ්ඩුව ගෙදර යවන්න 69 ලක්ෂෙම පාරට බැහැලා…! රට ගොඩගන්න පුළුවන් යූඇන්පියට ම විතරයි…!

August 5, 2021 at 12:36 pm | by emanisa.lk

ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන් 69 ලක්ෂයෙන් බහුතරයක් අද ආණ්ඩුව ගෙදර යවන්න පාරට බැස සිටින බව එක්සත් ජාතික  පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

රටේ ආර්ථිකය හදන්නට හැකි එක ම විකල්ප බලවේගය එක්සත් ජාතික පක්ෂය පමණක් බව ද විජයවර්ධන සඳහන් කළේය.

නැවත ශක්තිමත්ව රටේ බලවත්ම පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත් කිරීමේ වැඩසටහන අපි ඉදිරියට ගෙන යන බව ද නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අවධාරණය කළේ ය.

බදුල්ල, හාලි ඇල හා ඌවපරණගම ප්‍රදේශවල පක්ෂ සංවිධාන කමිටු ඇරඹීමෙි වැඩසටහන්වලට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *