පාසල් විවෘත කිරීමට දින 2කට පෙර ගම්පොළ පාසලකින් ජීව උණ්ඩ තොගයක්!

May 4, 2019 at 9:36 pm | by admin

ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විදුහල් පරිශ්‍රයේ තිබී ජිව උණ්ඩ තොගයක් අද (04) සොයා ගෙන ඇත.

එම විදුහලේ කම්කරුවෙකු විසින් සැකකටයුතු පාර්සලයක් පිළිබඳ පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ජීව උණ්ඩ තොගය සොයා ගත් බව වාර්තා වෙයි.

ටී 56 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 207 ක් සහ ස්වයංක්‍රීය පිස්තෝල සඳහා යොදන ජීව උණ්ඩ 25ක් මෙලෙස සොයා ගෙන තිබේ.

ගම්පොළ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *