ආණ්ඩුවේ ආනයන තහනම නිසා ජන ජීවිතය අඩාලයි! මූණේ ගාන්න ක්‍රීම් ඩිංගක් නෑ! – සමගි බලේ මන්ත්‍රිනියගෙන් ⁣දැඩි චෝදනා..

September 11, 2020 at 8:41 am | by emanisa.lk

2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළා කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළා. හැබැයි 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්නලා තියෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න ප්‍රකාශ කළාය.

රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරිිිය මේ  බව සඳහන් කළාය.

“මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටවනවා. එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි රටට එතනෝල් ලීටර් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඔබලා දන්නවා, මේ ඡන්දය සම්පූර්ණයෙන්ම දිව්වේ අරක්කු වලින් කියලා.

2019 ජූනි සුරාබදු ආදායම රු මිලියන 8,817 යි. 2020 ජූනි ඡන්දය නිසා ඒක රු මිලියන 12,000 ක් වුණා. 2019 ජූලි සුරාබදු ආදායම රු. මිලියන 8,110 යි. 2020 ජූලි ඡන්දය නිසා ඒක රු. මිලියන 13,557 ක් වුණා.

රට වටේම මහ මැතිවරණය කළේ, අරක්කු බෙදලා. හැබැයි මාතලේ අරක්කු බෙදපු හැමෝම පැරදුණා. දඹුල්ලේ වෙළෙදපොළේ කහ ටිකක් ගන්න නෑ. හැබැයි බියර් ලීටර් 79,021,760 ක් මේ අවුරුද්දේ පිටරටින් ගෙනල්ලා තියෙනවා.

ගොවියට පොහොර ටික නෑ. හැබැයි වයින් ලීටර් 684,765,400 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා තියෙනවා. අපේ ගෑණු ළමයින්ට, මූනේ ගාන්න ක්‍රීම් එකක් කඩේ නෑ. හැබැයි විස්කි, බ්‍රැන්ඩි ලීටර් 139,161,220 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා. මෙන්න මේකයි, සෞභාග්‍යයේ දැක්ම යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

මේක දවසම මහන්සිවෙලා උපයන පඩියෙන් කසිප්පු ගහන බේබෙද්දෙක් වගේ ආණ්ඩුවක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස