ආනයන සීමා කළාම අපනයනය ආර්ථිකයට දැවැන්ත පහරක් වදිනවා! – ආචාර්ය හර්ෂගෙන් අලුත් සොයා ගැනීමක්… (video)

July 2, 2020 at 4:02 pm | by emanisa.lk

මේ වන විට රුපියල ශක්තිමත් වී ඩොලරයේ අගය පහත වැටී ඇත්තේ ආණ්ඩුව ආනයන සීමා කිරීම නිසා බව සමගි ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

කෙසේ වුවද මෙලෙස රුපියල ශක්තිමත් වීම මිත්‍යාවක් බවත් නැවත ආනයන සීමා ලිහිල් කළ පසු රුපියල දුර්වල වන බවත් ඔහු සඳහන් කරයි.

එහෙයින් දේශීය ආර්ථිකය ගොඩනැඟිය හැක්කේ අපනයන වැඩි කර ගැනීම මගින් පමණක් යැයි ආචාර්ය හර්ෂ සඳහන් කළේය.

ආනයනය සීමා කිරීම මගින් යම් රජයට මැතිවරණය අවස්ථාවේ යම් දේශපාලන වාසියක් ලබා ගත හැකි වුවද එමගින් අපනයන ආර්ථිකයට දැවැන්ත පහරක් වදින බව ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස