ආණ්ඩුවෙන් මෛත්‍රීට දිගට ම කෙනහිලි! මෛත්‍රී නැවතත් ආප්ප කන්න සූදානම්!

October 13, 2020 at 3:53 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන 20 වන සංශෝධනයට එරෙහි වීමේ සූදානමක් ඇතැයි විපක්ෂයට හිතවත් වෙබ් අඩවි වාර්තා කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන කොමිසම හමුවට තමන්ව දිගින් දිගට ම කැඳවා ප්‍රශ්න කිරීම, නිල නිවාස තුනක් එක් කර තනා විශ්‍රාම යාමට පෙර තමාට පවරා ගත් රජයේ නිල නිවසෙන් කොටසක් ආපහු රජයට පවරාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සහ තමන්ගේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 100න් 94ක්ම සහ පොලිස් නිලධාරීන් 100න් 46ක්ම ඉවත් කිරීමට රජය ක්‍රියා කිරීම මෙම තීන්දුවට ඉතාම තදින් බලපා ඇති බවත් සඳහන් වෙයි.

20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150 දෙනෙකුගේ ඡන්දය ආණ්ඩුවට අවශ්‍ය වී ඇති අතර දැනට ඔවුන්ට සිටින්නේ 149 දෙනෙකු පමණි. ඒ අතරිනුත් 15 දෙනෙකුම මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස