මම 13 වෙනි ව්‍යවස්ථා රකිනවා! යාපනේ ජනදුක නිවනවා! – සජිත්

July 4, 2020 at 12:44 am | by emanisa.lk

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිමින් යාපනයේ ජනතාවට සතුටුදායක කාලයක් උදාකර දෙන බවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ මෙවර පැවත්වෙන මහමැතිවරණය වෙනුවෙන් යාපනයේ මැතිවරණ අපේක්ෂකයින් දිරිගැන්වීම හා ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යාපනයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හා ජනහමුවක් අතරතුරදීය.

එහිදී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මෙසේ සඳහන් කළේය.

‘‘මගේ අදහස තමයි ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදුනු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ විදිහට තියෙන්න ඕන කියන එක. මම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බිහිවුණු පළාත් සභා හරහා ලබා දෙන සේවාව මීට වැඩිය කාර්යක්ෂමව ලබාදීම සඳහා උපකාර වන සියල්ලක්ම අපි ලබා දෙනවා. ඒ වගේම තරයේ විශ්වාස කරනවා ඒකීය ශ්‍රීලංකාවක් තුළ 13වන සංශෝධනය අපි ඒ විදහටම තියන්න ඕන කියල. එකේ වෙනසක් කරනවට මම කැමති නැහැ.

ඊට අමතරව ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම උතුරු පළාත ප්‍රමුඛ කරමින් අපි සංවර්ධන කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක කරලා පස්වෙනිදයින් පසුව උතුරු පළාතේ වගේම සියලුම පළාත්හි සංවර්ධන කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට මම නායකත්වය ලබා දෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස