අලුත් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක තනතුර මට නම් එපා! – බන්දුල

August 17, 2020 at 8:42 am | by emanisa.lk

භාරකාර රජයේ කැබිනට් ප්‍රකාශක ධුරයේ කටයුතු කළ හිටපු උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇත්තේ වර්තමානයේ හිමිවී ඇති වෙළෙඳ ඇමැති ධුරයේ රාජකාරී සහ වගකීම්වලට ප්‍රමුඛත්වය ලබා දී එමගින් අමාත්‍යාංශයේ කාර්ය භාරය නිසි ලෙස ඉටු කිරීමේ අරමුණිනි. ඒ අනුව තමා වෙත පවරා ඇති අතිරේක වගකීම්වලින් නිදහස් කරන මෙන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇති බවද පැවසෙයි.

පැවති භාරකාර රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා තම නම යෝජනා කරන ලද්දේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් බැවින් නව රජය වෙනුවෙන් එම තනතුර සඳහා සුදුසු වෙනත් කැබිනට් ඇමැතිවරයෙක් යෝජනා කරන මෙන් ද අගමැතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වෙයි.

සම කැබිනට් ප්‍රකාශකවරු ලෙස බන්දුල ගුණවර්ධනට මෙන්ම රමේෂ් පතිරණ ද පසුගිය සමයේ ඇතැම් පාර්ශවලින් චෝදනා ද එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස