රට වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය වෙනුවෙන් ජනපති ඇතුළු ආණ්ඩුවම පෙනී සිටිනවා! – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක (video)

February 13, 2020 at 1:21 pm | by emanisa.lk

මීගමුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නිලධාරිනිය වෙනුවෙන් ජනපති අගමැති සහ කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ සමස්ත ආණ්ඩුව පෙනී සිටින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

අදාළ නිලධාරිනිය කටයුතු කළ යුත්තේ කැබිනට් ඇමති එච්.එම්. චන්ද්‍රසේන සහ එම කැබිනට් ලේකම්වරයාගේ උපදෙස් අනුව බවත් නිසි බලධරයා අදාළ ලේකම්වරයා බවත් හෙතෙම අවධාරණය කළේය.

අද (13) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

පෞද්ගලික සුභ සිද්ධිය නොව රටේ සුභ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටින නීතිය ක්‍රියාත්මක කරන ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු වෙනුවෙන් සමස්ත ආණ්ඩුවම පෙනී සිටින බව හෙතෙම අවධාරණය කළේය.

රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය රැක දීම මෙන්ම ආරක්ෂාව ලබා දීම ද ආණ්ඩුවක වගකීමක් බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යංශ ලේකම්ගේ සිට කාර්යාල කාර්ය සහායක දක්වා FCID රැගෙන ගොස් අසාමාන්‍ය වධයක් ලබා දුන් එජාපයට කිසිදු රාජ්‍ය සේවකයකු නැවත ඡන්දය ලබා නොදෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *