ජනාධිපතිටත් සමාජ සේවකයා කියන පණිවිඩය දෙන්න පුළුවන් නම් අනිත් අයට බැරිකමක් නෑ! – අලි සබ්රි

February 11, 2020 at 6:25 pm | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයට බුද්ධිමතුන් ඉදිරිපත් කිරීමේ වගකීමක් වියත්මග වැනි සංවිධානවලට ඇතැයි ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

එසේ නොමැතිව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පමණින් බුද්ධිමතුන් නිහඬ වුවහොත් පාර්ලිමේන්තුවේ මෝඩයින් පිනුම් ගසනු ඇතැයි ඔහු පැවසුවේය.

එවැනි තත්ත්වයක් මතු වුවහොත් වර්තමාන ආණ්ඩුවට ද යහපාලන ආණ්ඩුවේ ඉරණම අත්වනු ඇතැයි හෙතෙම අනතුරු ඇඟෙව්වේය.

ජනාධිපතිවරයාට දේශපාලකයා යනු සමාජ සේවකයෙකි යන පණිවිඩය ජනතාවට ලබා දිය හැකි නම් අනෙක් අයට ද හීන මාළිගාවලින් බැස එම කැප කිරීම කිරීමේ අපහසුවක් තිබිය නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස