එජාප නායකත්වය භාරගන්න මම සූදානම්! – රුවන්

August 30, 2020 at 8:29 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

මෙවර එජාපය ලැබුවේ පරාජයක් නොව එය සිය වැරදි හදාගන්නට නව අවස්ථාවක් බවත් සජිත් සමග ගොස් ජයග්‍රහණය කිරීමේ පහසු මාර්ගයට වඩා ප්‍රතිපත්ති දේශපාලනයක නිරත වීමේ දුෂ්කර මාර්ගය තෝරා ගත් බවත් හෙතෙම පැවසීය.

ඒ නිසා මෙවර පාර්ලිමේන්තුවට යාමට නොහැකි වීම පිළිබඳ තමන්ට කනගාටුවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *