අරගලකරුවන් හමුදාපතිවරුන්ගේ නිවාස වටල රට අල්ලන සැලසුමක..!

July 13, 2022 at 6:08 pm | by emanisa.lk

ෆැසිස්ට්වාදී තර්ජන නතර කර රට යථා තත්වයට පත් කිරීම සදහා වන සම්පූර්ණ බලතල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිද හමුදාපතිවරු සහ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට ලබාදීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

අගමැතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් මේ බව සදහන් කළ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් පසුගිය සදුදා සාකච්ඡා කළ බවද ඒ අනුව ඡන්දයකින් වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කිරීමට ඡන්දයක් පැවැත්වීමටත් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමටත් තීරණය කළ බවද රනිල් වික්‍රමසිංහ කීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා මෙසේද කීවේය.

ඊයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව පවසා රටින් පිටව ගියා. ඒත් අගමැති කාර්යාලය සහ ත්‍රිවිද හමුදාපතිවරුන්ගෙන් නිවාස වැටලීමටත්, පාර්ලිමේන්තුව වටකිරීමටත් සූදානමක් තිබුණ බවට බුද්ධි අංශ වාර්තා කර තිබුණා.

අද ආපු කණ්ඩායම් කැරලි ගහනවා. අගමැති කාර්යාලය වටලා තියෙනවා. නීත්‍යානුකූලව වැඩ බලන ජනාධිපති ලෙස අලුත් ජනාධිපතිවරයේ තෝරා ගැනීම වැලැක්වීමට තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ

ව්‍යවස්ථාව වැඩක් නෑ. පාර්ලිමේන්තුව වැඩක් නෑ, අපි කියන දේ කරන්න කියලා සමහරු කියනවා. රටේ ව්‍යවස්ථාව ඉරලා දාන්න බෑ.

හදිසි නීතිය, ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන්න කියලා මට ආරක්ෂක අංශ උපදෙස් දුන්නා. ඒ අනුව ඇදිරිනීතිය හා හදිසි නීතිය පනවමින් යනවා. ෆැසිස්ට්වාදී තර්ජනය නතර කරන්න ඕන. තර්ජනකාරීව, ජනාධිපති මන්දිරය, අගැමැති කාර්යාලය අල්ලාගෙන ලිපි ගොනු නතර කරන්න දෙන්න බෑ. ඇදිරි නීතිය හා හදිසි නීතිය භාවිතා කරමින් රට යථා තත්වයට පත් කරන්න කියලා මම උපදෙස් දීලා තියෙනවා. ඒ සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාත්, පොලිස්පතිවරයාත්, ත්‍රිවිද හමුදාපතිවරුන්ගෙන් යුත් කමිටුවටක සම්පූර්ණ බලතල ලබාදී තිබෙනවා. ඒකට දේශපාලන බලපෑමක් නෑ. ඒක අවසන් කළාම මට වාර්තා කරන්න කියලා තියෙනවා.

ත්‍රිවිද හමුදාවට හා පොලීසියට සම්පූර්ණ සහාය ලබාදෙන්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස