ඇමතිකම් දෙන්නේ බුදිය ගන්න නෙමේ රටට වැඩ කරන්න! – අමාත්‍යංශේ තිබූ බදියුදීන්ගේ අධි ආරක්ෂිත සිරියහන් ගබඩාව ඉවත් කරමින් බන්දුල කියයි…

August 17, 2020 at 10:30 am | by emanisa.lk

නව වෙළෙඳ ඇමතිවරයා ලෙස වැඩභාරගත් ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යංශ කාර්යාල පරිශ්‍රයට පැමිණ එහි ඇවිදින අතර අති සුඛෝපභෝගී නිදන කාමරයක් දැක පුදුමයට පත්ව තිබේ.

“මේක බදියුදීන් ඇමතිතුමා හදාගත් කාමරයක්. මේ පැත්ත පළාතටවත් අපට එන්න තහනම්. සිකුරුටි සිස්ටහ් දාලා තිබුණේ. ඇමතිතුමා නිදාගන්න තමයි මෙහේ ආවේ. මේ කාමරේ ගැන නම් ඉතින් නානාප්‍රකාර කතා තියෙනවා.” අමාත්‍යංශ නිලධාරියෙක් ඇමතිවරයාට ලොකු හෙළිදරව්වක් කළේය.

කාමරය පරික්ෂා කර හිසේ අත තියාගත් ඇමති බන්දුල වහාම එම කාමරයේ ඇඳ ඉවත් කිරීමට උපදෙස් දී තිබේ.

ඇමතිවරුන්ට අමාත්‍යංශ ලැබෙන්නේ වැඩ කරන්න මිස සැප ගන්න නෙමේ යැයි ද ඇමතිවරයා සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස