අපි පොලිස් ජිප් එකට ගැහුවේ නෑ….! පොලිසිය ගහ ගත්තා….! – ජඹුරේවල චන්ද්‍රරතන හිමි ආරක්ෂක ලේකම්ට ලියයි…..

April 8, 2021 at 9:07 pm | by emanisa.lk

අද කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැති විරෝධතා ව්‍යාපාරයක් අතරතුර අයුතු ජන රාශිය යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහත දැක්වේ.

“ආරක්ෂක ලේඛම්තුමනි.

රණවිරුවන්ට කළගුණ සැලකීමේ වරදට මා අත්අඩංගුවට ගැනීම ගැන අල්ප මාත්‍රයකවත් අමනාපයක් ඔබතුමා සමග නොමැත. ඔබතුමන්ලට එරෙහිව ජාන්ත්‍යන්තර ප්‍රජාව හෙට දවසේ විවිධ සම්බාධක සහ අකටයුතුකම් කළත් අපි ඔබතුමාන්ලා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එදා වගේම හෙටත් ඒ විදේශ බලපෑම්වලට එරෙහිව කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධනය ඇතුළු සංවිධාන ඉදිරිපිටට පැමිණ ඔබතුමන්ලා රැකගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා.

මා සිරගත කළාට අමනාපයක් නෑ. රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ත්‍රිවිද හමුදා පොලිස් රණවිරුවන්ගේ යැපෙන්නන්ට පොරොන්දු වූ පරිදි වැටුප ලබා දෙන්න. ඔබතුමන්ලාට බලය ඇති කාලයෙත් නැති කාලයෙත් මම වෙහෙසුනේ ඒ වෙනුවෙන්. මා හෙට දින එළියට වැඩියත් රණවිරු ඉල්ලීම් වෙනුවෙන් වෙහෙසෙනවා. කවුරු නොසැලකුවත්, මම කළගුණ දන්නවා.

ජනාධිපතිවරණයට පෙර දින විස්සක් කොටුවේ කළ උද්ඝොෂණය දේශපාලන අවශ්‍යතාවයකට කළ එකක් නොවේ. එමෙන් ම මේ මොහොතේ රණවිරුවන් සමග කරන කාර්‍යයන් ද දේශපාලන අවශ්‍යතාවයකට කරන දෙයක් නොවේ.

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු මට කතා කරමින් “හාමුදුරුවනේ ගෝඨාභය මහත්තයාගේ ඡන්දේ දිනනකල් ද ඔබ වහන්සේ අපිත් සමග කොටුවේ සිටියේ. ඇයි දැන් නිහඩ. ආණ්ඩුව හදාගන්නකල් විතරද අපිව පාවිච්චි කළේ. අපේ වැටුප හදාගන්න අපට උදව් කරන්නේ නැද්ද ? ” කියලා ප්‍රශ්න කරනවා. එහෙම ඉල්ලන වැන්දඹුවන් දෙස කළගුණ දන්න භික්ෂුවක් ලෙස මට නිහඬව බලාගෙන සිටිය නොහැක. එබැවින් ඔහුන්ට මම සහය දැක්වූවා. ඉදිරියටත් සහය දක්වනවා.

ගල් ගැහුවේ අපි නෙවෙයි. පොලීසිය දැනුවත්ව ගල් ගැහුවේ. ඔහුන් දන්නවා ගැහුවේ කවුද කියලා. සමාජ මාධ්‍ය ජාලවල ඒ පිළිබඳ වීඩියෝවක් හුවමාරු වෙනවා.

ඔබතුමන්ලාට රට කරවීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා. ජනවරමේ හදගැස්ම තේරුම්ගෙන කටයුතු කළොත් තව බොහෝ දුර යාමට හැකිවෙනු ඇත. අල්පයකින්වත් ඔබතුමන් සමග වෛරයක් නොමැත. ඔබතුමාට යහපතක් ම වේවා…
තෙරුවන් සරණයි…”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *