හදිසියේ සිංහ හම පොරවගත් බැටළුවන්ගෙන් පරිස්සම් වන්න! සිරගෙදරින් පැමිණි පණිවිඩය පාඨලි ගැනද?

May 21, 2019 at 8:25 am | by admin

හදිසියේ ජාතිකත්ව සංකල්පයට මුවා වී තම දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමට සූදානම් වන සිංහ සම පොරවා ගත් බැටළුවන්ගෙන් පරිස්සම් වන ලෙස ඥානසාර හිමි ඉල්ලා සිටි බව සිංහලේ අපි සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරතන හිමි පවසයි.

චන්ද්‍රරතන හිමි මේ බව ප්‍රකාශ කළේ සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුණගැසීමට ගොස් පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

ජනාධිපතිවරයා සහ ඥානසාර හිමි අතර ඇති වූ කතාබහ අනුව සතියක් වැනි කාලයක් ඇතුළත ඥානසාර හිමි නිදහස් කිරීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් චන්ද්‍රරතන හිමි සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස