මැතිවරණ කොමිසම යහපාලන මිනිමරුවෝ හොරු රකින තිප්පොළක් වෙලා! – ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි

July 22, 2020 at 12:10 am | by emanisa.lk

මැතිවරණ කොමිසම යහපාලන ආණ්ඩුව සමයේ මනුෂ්‍ය ඝාතන සිදුකළ පිරිස සහ මහජන මුදල් කොල්ලකෑ පිරිස ආරක්ෂා කිරීමට කටයුතු කරන තිප්පොළක් බවට පත්ව ඇතැයි ඉතාම පැහැදිලි යැයි පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි පවසයි.

2015 ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා පක්ෂපාතී ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කටයුතු කර ඇති බව ද තහවුරු වන්නේ යැයි එහිමියන් සඳහන් කරයි.

මැතිවරණය නිමා වන තුරු රිෂාඩ් බදියුදීන් සහ රවී කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොකැඳවන ලෙස මැතිවරණ කොමිසම සිදුකළ නියෝගයකට විරෝධය දැක්වීමට මැතිවරණ කොමිසම වෙත පැමිණි අවස්ථාවේ චන්ද්‍රරතන හිමි මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *