අපි ඉන්නේ අවදානම් අඩියක! නමුත් තවමත් කොරෝනා පරදන්න පුළුවන්! – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

November 3, 2020 at 7:29 am | by emanisa.lk

කොවිඩ් රෝගීන් දස දහසේ කඩඉම ඉක්මවා ගොස් අප ඉන්නේ තීරණාත්මක කඩඉමක වුවත් තවමත් අපට කොවිඞ් සමග හැප්පෙන්න පුළුවන් වාතාවරණයක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීවේ ය.

“පසුගිය කාලයේ අපට කොවිඩ් මර්දනය කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ ජනතාවගෙන් ලැබුණ සහාය හා සෞඛ්‍ය අංශවල විධිමත් ක‍්‍රියාවලිය නිසා.

මිනුවන්ගොඩ පොකුර හමුවේ තැනින් තැන කොවිඩ් රෝගීන් බිහිවෙන්නට වුණා. ඒ වන විට ජනතාවගේ සැලකිලිමත් බවේ ප‍්‍රගතියක් ඇති වී තිබුණේ නැහැ.

අපට පී.සී.ආර්. පරීක්‍ෂණ ක‍්‍රමවත්ව සිදුකර ගැනීමට පහසුකම් නොමැතිවීම කිසියම් බාධාවක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස