අපි ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක්! බෝඩ් ලෑල්ලට සීමා වෙච්චි එජාපය අපේ කකුලෙන් අදිනවා! – සමගි ජන බලවේගය…

May 27, 2020 at 10:24 pm | by emanisa.lk

මේ වන විට ආණ්ඩුවට අභියෝගයක් වී ඇති සමගි ජන බලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බෝඩ් ලෑල්ලක් පමණක් බවට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂ කල්ලිය භාරගෙන ඇති බව පෙනෙන්නට ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

‍එහි දිගුවක් ලෙස සමගි ජන බලවේගයට එරෙහිව දැවැන්ත අවලාද ප්‍රහාරයක් සංවිධානාත්මකව ආරම්භ කර ඇති බව පෙනී යන බව ද ඔහු පවසයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සාකච්ඡා පවත්වමින් තිබෙන බවට සහමුලින්ම අසත්‍ය පදනම් විරහිත පුවත් කිහිපයක් ඇතැම් මාධ්‍ය තුළ පළ වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවත් සමගි ජන බලවේගයේ පිරිසක් එම පාර්ශ්වය සමඟ එකතු වනවාද නැතිනම් එම පාර්ශ්වයේ පිරිසක් සමගි ජන බලවේගයට එකතු වනවා ද යන්න ඉතා නුදුරේදීම දැක ගත හැකි බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස