ශ්‍රීලනිපයට ඡන්ද ලක්ෂ 17ක් තියෙනවා! තනිව තරඟ කරලා ආසන 25ක් ගන්නවා! – පේෂල

March 11, 2020 at 6:21 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව ඡන්ද ලක්ෂ 17ක් ඇතැයි උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න පවසයි.

එහෙයින් තමන් තනිව තරඟ කළොත් ආසන 25ක් පහසුවෙන් ජයගත හැකි බව හෙතෙම පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 2018 වසරේ ඡන්ද 89000ක් ලබා ගත් බවත් මේ වන විට එම ප්‍රමාණය වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

එහෙයින් ශ්‍රීලනිපයට එරෙහිව පොහොට්ටුවේ ඇතැම් නායකයන් සිදුකරන වෙනස්කම් හමුවේ වෙනම තරඟ කර පසුව ආණ්ඩුව සමග එකතු වීමේ හැකියාව පිළිබඳ ඉක්මනින්ම තීන්දුවක් ලබා ගන්නා බව ද හිටපු මහ ඇමතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස