කඳුලු ගෑස් අධිපීඩන ජල ප්‍රහාර පොලිස් ප්‍රහාර නෑ! සරසවි සිසුන්ට ජනපති කාර්යාලය ඇරේ! ඉතිහාසේ ප්‍රථම වරට සිසුහු ගුටි නොකා ආපසු යයි!

January 10, 2020 at 9:40 am | by emanisa.lk

මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු ඊයේ (09) පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ.

ඔවුහු පෙළපාලියෙන් පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතාවයේ නිරත වූහ.

මෙහිදී කිසිදු අවහිරයකින් තොරව සිසුන්ට ජනාධිපති ලේකම් කාර්යාල බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබිණි.

එහිදී සිසුන් ඉදිරිපත් කළ ගැටලු සඳහා වහා විසඳුම් ලබා දීමට ද සාකච්ඡාවට ගැනුණ කරුණු ලිඛිතව ලබාදීමට නිලධාරිහු එකඟ වූහ.

සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් යෝජනා කෙරිණ. ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බව ශිෂ්‍ය නියෝජිතයෝ සඳහන් කළහ.

සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටියහ සිසුහු ඉතා සාමකාමීව විසිර ගියහ.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ලේකම්වරයා රාජකාරී කටයුතු සඳහා කාර්යාලයෙන් බැහැරව සිටි නිසා ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් සහ නිලධාරිහු පිරිසක් සාකච්ඡාවට සහභාගී වුහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *