අත්අඩංගුවට ගන්නා මත්කුඩු මහ ජනතාව ඉදිරියේ විනාශ කරනවා! – ඇමැති සරත් වීරසේකර….

January 5, 2021 at 7:50 pm | by emanisa.lk

අත්අඩංගුවට ගන්නා මත්කුඩු ජනතාව ඉදිරියේ ම විනාශ කිරීමට නව ක්‍රමවේදයක් සකසන බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.

අත්අඩංගුවට ගන්නා මත්කුඩුවලින් සාම්පලයක් පමණක් අධිකරණ කටයුතු වෙනුවෙන් තබා ගැනීමට ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී අද (05) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු හෙතෙම වැඩිදුරටත් පැවසීය .

මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව සමඟ කඩිනමින් සාකච්ජා කරන බව ද වීරසේකර කීවේ ය.

මත්කුඩු සම්බන්ධ නඩු විභාග කර අවසන් කිරීම වෙනුවෙන් වැඩි කාලයක් ගතවන අතර විමර්ශන අතරතුර මත්කුඩු අතුරුදන් වීම වැනි ක්‍රියා වර්තමානයේ දී පාලනය වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

2020 වසරේ දී මත්කුඩු කිලෝග්‍රෑම් 2740කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශන පුළුල් කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

මත්කුඩු ජාවාරම්කරුවන්ට සහ භාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාතමක කරන බව ද අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

අත්අඩංගුවට ගන්නා මත්කුඩු පිටි බවට පත්වීමේ තත්ත්වයක් පවතින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස