අගමැතිගේ ඉල්ලීමට ඉන්දියාව එකඟ වෙයි! ණය ගෙවන්න සහන කාලයක්!

February 15, 2020 at 10:58 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සිදුකළ සාකච්ඡාවේ දී කරන ලද ඉල්ලීමකට යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි වාර්තා වෙයි. කෙසේ වුවද ඒ සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත යුතුය.

එහිදී මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියේ ඉන්දියාවට ගෙවිය යුතු ණය ගෙවීම සඳහා වසර තුනක සහන කාලයක් ලබා දෙන ලෙසය. ඉන්දියාව එවැනි සහනයක් ලබා දෙන්නේ නම් සෙසු රටවලින් ද එවැනි සහනයක් ඉල්ලා සිටිය හැකි බව හෙතෙම කියා සිටියේය.

මේ වන විට ලංකාව පොළිය ද සමග ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදල ඇ.ඩො. මිලියන 962කි. මෙම වසරේ ගෙවිය යුතු සම්පූර්ණ වාරිකය ඇ.ඩො. මිලියන 169.7කි. 2021 ඇ.ඩො. මිලියන 182කි. 2022 ඇ.ඩො. මිලියන 168කි.

ලංකාව චීනයට ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 5.2කි. මේ වසරේ සම්පූර්ණ ණය වාරිකය ඇ.ඩො. මිලියන 674.4කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස