ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ගොඩක් සාර්ථකයි! අපේ ගමේ ළමයි 100ක් ඉන්න ඉස්කෝලේට තට්ටු තුනක ගොඩනැඟිල්ලක් ලැබුණා! – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

May 31, 2019 at 11:39 am | by admin

වර්තමාන ආණ්ඩුවේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ තම ගම් පළාතේ ළමුන් 100ක් පමණ සිටින පාසලක තට්ටු තුනේ ගොඩනැඟිල්ලක් ඉදි කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසයි.

පළාත් ආණඩුකාරවරයා මේ බව පවසා සිටියේ ඉකුත් දා 23 තඹුත්තේගම කළාපයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට තඹුත්තේගම අධ්‍යාපන කළාප කාර්යාල ශ‍්‍රවණාගාරයේදී පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

2016 වසරේ ආරම්භ කළ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ එක් පළාතක සංවර්ධන කටයුතු සඳහා රු.මිලියන 6000ක් ලබා දුන් බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා ඒ සඳහා පාසල් තෝරාගත්තේ පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවත් හෙළි කළේය.

මෙම මන්ත්‍රී පිරිස සිය රාජකාරිය කෙතරම් හොඳින් ඉටු කළේ ද යත් ළමුන් 100ක් පමණ සිටින සිය ප්‍රදේශයේ පාසලකට තුන් මහල් ගොඩනැඟිල්ලක් ඉදිකර ඇති බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස