හිටපු ශ්‍රීලනිප ඇමතිවරු දෙදෙනෙක් සජිත්ට එක්වෙයි!

October 2, 2019 at 12:50 pm | by emanisa.lk

හිටපු අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.පී. ඒකනායක මෙලෙස ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමටයි තීරණය කර තිබේ.

මෙි දෙදෙනාම පසුගිය මහා මැතිවරණයේදී පරාජයට පත්වූ අතර ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුව ඔස්සේ හෝ ඔවුන්ට අවස්ථාවක් ලබාදුන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස