සුදුවෑන් කතාව ඇත්ත! මිනිස්සු ඝාතනය කළා! දසවධ දුන්නා! – කළු ඩිපෙන්ඩර් හිරුණිකා කියයි……

December 28, 2019 at 3:52 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර හිටපු ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එල්ල වූ සුදු වෑන් චෝදනාව අසත්‍ය එකක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

සුදු වෑන්වලින් පැහැර ගත් ඇතැම් මිනිසුන් ඝාතනය කළ බවත්, ඇතැම් මිනිසුන් අතුරුදහන් වූ බවත්, ඒවායින් පැහැරගෙන ගොස් දස වද දී තවමත් ජීවත් වන පිරිස් ද සිටින බවත් ඇය සඳහන් කළාය.

සුදුවෑන් කතන්දරයක් බොරුවක් නොවන බවත් එම කතාව මාධ්‍ය හමුවේ පැවසුවේ යැයි පරීක්ෂණ කළ යුත්තේ කළ පුද්ගලයන්ට නොව අදාළ චෝදනාව ගැන බවද ඇය සඳහන් කළාය.

මෙමගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ සුදු වෑන් චෝදනාව බොරුවක් යයි සමාජයට පෙන්වීමට බව ද ඇය පැවසුවාය. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් කළාය.

කෙසේ වුවද පසුගිය ආණ්ඩු සමයේ කළු ඩිපෙන්ඩරයකින් තරුණයකු පැහැරගෙන ගිය බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍රට චෝදනා එල්ල වූ අතර අධිකරණයට ඉදිරිපත් වූ හිරුණිකාට ඒ අවස්ථාවේම ඇප ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස