සිසුවාගේ හිස මතට හිතාමතාම ටයරය පෙරළු බව සිසුවා පිළිගනී!

March 16, 2020 at 11:10 am | by emanisa.lk

ජයවර්ධන පුර සරසවියේ පළමු වසරේ සිසුවකුගේ ඇඟට ටයරයක් පෙරළා මරණීය තුවාල සිදුකළ බව කියන සිද්ධියට සම්බන්ධ සිසුන් පස්දෙනාට විරුද්ධව මිනීමැරීමට තැත් කිරීම සහ විශ්වවිද්‍යාල නවක වද පනතට අදාළව නඩු පවරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.

එම ටයරය පෙරළු සිසුවාත් ඊට අනුබල දුන් සිව්දෙනාත් වරද පිළිගෙන ඇති නිසා මෙලෙස නඩු පවරන බව හෙතෙම සඳහන් කරයි.

සිසුන් බීමත්ව නවක සිසුන් සිද්ධිය සිදු වූ රාත්‍රියේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බවට සාක්ෂි හරහා තහවුරු වී ඇති බවද තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් ජ’පුර සරසවියේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවකු වන පසිඳු හිරුෂාන් බරපතළ තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පීඨයේම සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනකු බව පොලීසිය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස