සාධාරණ ඡන්දයකට පෞද්ගලික නාළිකා බාධාවක් වුණොත් පියවර ගන්නවා! – මැකො පෞද්ගලික නාළිකාවල දණින් පහළ නෙමේ ඔළුවටම තියන්න සූදානම්

September 27, 2019 at 1:05 pm | by emanisa.lk

රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවල ක්‍රියාකාරකම් නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුවහොත් මැතිවරණ විධිවිධාන යටතේ ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් එහි වගකීම අදාළ සංඛ්‍යාතවල භාරකාරීත්වය හිමි රාජ්‍ය ආයතන සතුවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැසීය.

රූපවාහිනි හා ගුවන් විදුලි සංඛ්‍යාත මහජනතාව සතු දෙයක් බැවින් මුදල් යෙදූ පමණින් පෞද්ගලික මාධ්‍යවලට සියයට සියයක නිදහසක් හිමි නොවන බව ද මහින්ද දේශප්‍රිය කීවේය.

කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් උපයාමාර්ගික සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන ආයතනයේ පැවැති සංවාදයක් අතරතුරදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මෙසේ පැවසීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මෙසේ ද පැවසීය.

“පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන් අපි පියවර ගන්නවා. එම පියවර අපේ විධානවලට ද ඇතුළත් කර තිබෙනවා.

රූපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකා විකාශය කරන පුවතක් හෝ යම්කිසි දෙයක් නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුණොත් එහි වගකීම එම සංඛ්‍යාතවල භාරකාරීත්වය හිමි රාජ්‍ය ආයතන සතුයි.

මොකද රූපවාහිනි හෝ ගුවන් විදුලි සංඛ්‍යාත මහජනතාවට අයිති දෙයක්. එය මහජන දේපළක්. අපිට රාජ්‍ය මාධ්‍ය සෘජුවම පාලනය කරන්න පුළුවන්. එහෙත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් එහෙම ක්‍රියා කරන්න බැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස