එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ඉතාම කිට්ටු සමීපතමයෙකු වන සාගල රත්නායක හිටපු අමාත්‍යවරයා පෙරේදා (11) මෝදර කාලි මෑණියන්ගේ දේවාලයේදී පොල් ගසා තිබෙන බව වාර්තා වේ.
අමාත්‍ය ධූරයක් හෝ මන්ත්‍රී ධුරයක්වත් හොබවන්නේ නැති සාගල රත්නායක ඒ සඳහා පැමිණ තිබෙන්නේ විශාල ආරක්ෂකයින් පිරිසක් සමඟය.
ඔහු සමඟ පැමිණි මෙම ආරක්ෂකයින් එහි සිටි බැතිමතුන් ඉවත් කර සාගල රත්නායකට පොල් ගැසීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.
රනිල් වික්‍රමසිංහට රජයෙන් ලබා දී තිබෙන දෙසීයක් වන ආරක්ෂකයින්ගෙන් පිරිසක් ඔහු සමඟ එසේ පැමිණි බව විශ්වාස කෙරේ.