සාකච්ඡා කරන්න කිසි දෙයක් ඉතිරිවෙලා නෑ! ජනතාව සජිත් තෝරගෙන ඉවරයි! රනිල්ට තියෙන්නේ සජිත් නම් කරන්න විතරයි! – මංගල

September 7, 2019 at 9:01 am | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව විසින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තෝරාගෙන අවසන් බව ඇමති මංගල සමරවීර පවසයි.

පසුගිය දිනවල බදුල්ල, මාතර සහ කුරුණෑගල පැවති ‘සජිත් එනවා’ රැස්වීම්වලට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාවගේ උනන්දුවෙන් එම කාරණය සද්සුදක් සේ තහවුරු වන බවත් ඔහු අවධාරණය කරයි.

ඔහු ඒ බව සඳහන් කළේ අද ඇරඹෙන යාපනයේ ඇරඹෙන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනය වෙනුවෙන් ඊයේ (06) යාපනය නගරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.

“දැන් ඇත්තටම සාකච්ජා කරලා එකඟත්වයට එන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. ජනතාව සජිත්ව තෝරාගෙන ඉවරයි. දැන් ඉතිරිවෙලා තියන්නේ ඒක නිල වශයෙන් ප්‍රකාශ කිරීම පමණයි. අගමැතිතුමා එක අද හෙටම ප්‍රකාශයට පත් කරවී. ඒ ගැන දෙගිඩියාවක් තියාගන්න එපා. ඔය එක එක්කෙනාගේ ‘ප්ලාන්ට් නිව්ස්’ වලට රැවටෙන්න එපා” ඇමතිවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස