සමගි බලේ සිංහල ජාතිවාදය වපුරනවා! මංගලගෙන් සජිත් පිලට බලු බැනුම්…

September 25, 2020 at 2:30 pm | by emanisa.lk

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ වර්තමාන විපක්ෂයේ ලෙස ජනතාව තුළ ජාතිවාදී හා වර්ගවාදී හැඟීම් ඇති කිරීමේ කටයුත්තක නිරත වන බව එම පක්ෂයෙන් මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා දුන් හිටපු ඇමති මංගල සමරවීර පවසයි.

ට්විටර් පණිවිඩයක් මගින් ඔහු එය පෙන්වා දී ඇත.

කලින් සිටි විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම වත්මන් විපක්ෂයේද ජාතිවාදී හා වර්ගවාදී හා ආකල්ප ඇති කිරීම නිරතව සිටින බව කනගාටුවට කරුණක් බවත් අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ විකල්ප දැක්මක් මිස පාලන ක්‍රමයෙහිවර්තමාන පාලනයේම ජාතිවාදී පිටපතක් නොවේ යැයි ද එම පණිවුඩයේ සඳහන් වෙයි.

පාර්ලිමේන්තුවේදී එම්.එල්.ඒ.එම්. අතාවුල්ලාගේ ඇඳුම සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැඟූ විරෝධය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

සමරවිර මෙවර මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් නාම යෝජනා බාර දුන්න ද පසුව එය ඉවත් කරගෙන තරග කිරීමෙන් ඉවත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස